
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමලිංගික පිරිමින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිකරන බවට තර්ජනය කර මූල්‍ය වංචා කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාවට හසුවූවන් වෙනත් සහකරුවන්ට හඳුන්වා දෙන බවට පොරොන්දු වී පිට්ටකෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේ නිවසකට කැඳවා ඔවුන්ගේ කප්පම් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
නුගේගොඩ ප්‍රදේශයේ වෙළදසැලක සේවය කරන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු එලෙස සහකරුවකු සමඟ සම්බන්ධ වීමට ජංගම දුරකථන යෙදවුමක් හරහා සැකකරුවන් සම්බන්ධ කරගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් පිට්ටකෝටේ ප්‍රදේශයේ නිවසට වින්දිත පුද්ගලයාට ආරාධනා කර, ඔහුට පහරදී නිරුවත් කර අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප ලබාගෙන ඇත.
එහිදී වින්දිතයා රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ගෙවීමට අපොහොසත් වුවහොත් එය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරින බවට ඔවුන් තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, පසුව පොලිසිය වින්දිතයාට දන්වා ඇත්තේ මුදල් ලබා ගැනීම සඳහා පිට්කෝට්ටේ හන්දියට පැමිණෙන ලෙස සැකකරුවන්ට දන්වන ලෙසයි.
පිට්ටකෝට්ටේ හන්දියට පැමිණි අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ඔවුන් කප්පම් ඉල්ලා සිටි තවත් වින්දිතයන් හය දෙනකුගේ පැහැදිලි වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඒවායේ තිබී ඇත.
වයස අවුරුදු 41 ත් 59 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් සන්තකයේ තිබී අයිස් සහ හෙරොයින් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart