
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂයේ ප්‍රචාරක කටයුතු හෙට අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතය.
එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රචාරක කටයුතු සිදුකෙරේ.
එහි සමාරම්භක කටයුතුවලට සමගාමීව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගැනීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇත.
එහිදී පක්ෂයේ නියෝජිතයන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ද හමුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ආගමික වතාවත්වලින් පසුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම පක්ෂයේ ග්‍රාමීය නියෝජිතයන් සහ පාක්ෂිකයන් හමුවී පක්ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට සහ මැතිවරණ සඳහා සහාය ලබාගැනීමට මහජන හමු කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Update – හෙට දිනයට සැලසුම් කර තිබූ මෙම වැඩසටහන ලබන සතියට කල්දැමූ බව පසුව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart