
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය රුහුල් හක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) නියමිත වේලාවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතරතුර, ඔහුට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව (SOC) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට දොස්පවරා ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍යවරයාට එරෙහිව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කර තිබියදී, නියමිත වේලාවට ඔහුට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙසේ දොස්පවරා ඇතැයි ආංශික අධීක්ෂණ කාරක සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ඇතුළු කමිටු සාමාජිකයන් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සඳුදා (28) පැවති ආංශික අධීක්ෂණ කාරක සභා සැසියකදී මෙම දොස්පවැරීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍යවරයාට පනවන ලද වැඩ තහනම නොතකා දිගටම ධූරයේ කටයුතු කරන බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන බවත්, අනාවරණය වීමත් සමඟ වෛද්‍යවරයා පසුගිය සති කිහිපය පුරා ආන්දෝලනයට තුඩු දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart