
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව දේශප්‍රිය අමරසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ඒ, ඔහුව මෑතකදී එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින්ය.
ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් විසින් ඊයේ මෙම පෙත්සම ගොනුකර තිබිණි.
මහාචාර්ය අමරසේන පවසන්නේ, තමා සේවයෙන් පහකිරීම දේශපාලනික අවශ්‍යතාවක් මත සිදුවූවක් බවයි.
විශේෂයෙන්ම ඔහු වෙනුවට නිසි බලධාරියෙකු පත්කිරීමේදී ක්‍රියාපටිපාටික අක්‍රමිකතා සිදු වූ බවටත් ඔහු චෝදනා කරයි.
ඔහුගේ පෙත්සමින් තර්ක කරන්නේ, මෙම ඉවත්කිරීම මෑත කාලීන ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සිදුවූ දේශපාලන පළිගැනීමේ ක්‍රියාවක් බවයි.
නවකවධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය අමරසේන පෙත්සමේ සඳහන් කර ඇත්තේ, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විනිවිදභාවය සහ කුසලතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ තමා ක්‍රියාත්මක කළ බවයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart