
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 99 ක් සපිරෙන ශ්‍රී ලංකා ගුවන්විදුලිය ජාතික වස්තුවක් සහ ජාතික සම්පතක් බවත්, වසර 99 ක් ආරක්ෂා කර ගනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ගුණාත්මකභාවය, අඛණ්ඩතාව ආරක්ෂා කරන අතරම ඉදිරි සියවස නවීකරණය කරන ලද ගුවන්විදුලියක් ලෙස පවත්වාගෙන යෑම රජයේ අරමුණ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.
1925 ආරම්භ වූ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 99 ක් සපිරීම නිමිත්තෙන් වූ සැමරුම් උත්සවයක් අද (16) “සියවස අභියස – ජාතික ගුවන්විදුලි සංස්ථාව” (1925-2024) යන්න තේමා කරගනිමින් කොළඹ ජාතික ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලදී.
ජාතික කාරයභාරයකින් යුක්ත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතුව දැනට පවතින මානව හා භෞතික සම්පත් ප්‍රයෝජනය ගෙන වඩා හොද සැළසුමක් සහිතව ඉදිරියට යා යුතු බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි වසර 05 තුල දී මෙම නව තත්ත්වය අත්පත් කරගත යුතු බව අවධාරණය කළේය.
ප්‍රාදේශීය සේවාවන් 03 ක් හරහා නව පරම්පරාවට සන්නිවේදන කාර්යභාරය අත්පත් කරදීම වෙනුවෙන් වන වැඩපිළිවෙල වේගවත් සහ පුළුල් කළයුතු බවත්, රජයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එක්ව ඒ සදහා ශක්තිමත් වැඩපිළිවෙලක් ගොඩනගන බව ද අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වාදෙන ලදී.
මෙරට ශිෂ්‍යයකුට, තරුණයකුට ගුවන්විදුලි ක්ෂේත්රයට පිවිසීමට යම් අධිෂ්ඨානයක් තිබෙනවා නම් ඔවුන්ගේ තිඹිරිගෙය බවට ජාතික ගුවන් විදුලිය පත්විය යුතු බවද ඔහු පැවැසීය.
දේශීය විදේශිය සංචාරකයන් ආකර්ශණය කරගන්නා, ඔවුන්ට දැනුමක්, අධ්‍යාපනයක් ලබාදෙන තැනක් බවට ද ජාතික ගුවන්විදුලිය පත්විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සියවසක් අබියස සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය වෙනුවෙන් ගුවන් විදුලි සියවස් සැමරුම් මුද්දරයක් ද මෙහිදී නිකුත් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart