
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ගැටළු විසඳීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයකු පත්කිරීමට නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු යෝජනා කරයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු විසඳීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා දිනපතා ක්‍රීඩා අමාත්‍යාංශයේ රැඳී සිටින බව උත්සව අවස්ථාවක් අමතමින් ඇමැති හරීන් ප්‍රනාන්දු පැවැසීය.
“සම්මේලන 60කට වැඩි ප්‍රමාණයක දිගින් දිගටම පවතින ගැටලු නිසා අපේ ක්‍රීඩකයන් මුහුණදෙන ගැටලු විසඳන්න ඇමැතිවරයාට සහ නිලධාරීන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න ඇසීමට පමණක් ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයෙක් පත්කරනවා,” ඔහු සඳහන් කළේය.
තමා මෙම තනතුර භාරගත්තේ, කිසිදු පුද්ගලයකු ආරක්ෂා කිරීමට නොවන බවට සහතික වූ ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් කියාසිටියේ, තමන්ට විශාල වැඩකොටසක් සහ යම් යම් වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වගකීමක් පැවරී ඇති බවයි.
තමන් තනිකරම ක්‍රිකට් ඇමතිවරයකු නොවන බව ප්‍රකාශ කළ ඔහු, අනෙකුත් සියලුම ක්‍රීඩාවල දියුණුවට කටයුතු කරන බවට සහතික විය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැති ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ICCය සමඟ සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් සිදුකරන බවට සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart