
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් ලෙස කටයුතු කළ මැක්ස්වෙල් ද සිල්වාට වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ කටයුතු කිරීම ක්‍රීඩා ඇමැතිවරයා විසින් අත්හිටුවා තිබේ.
ඔහුට එරෙහි චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ විනය කමිටුවක් විසින් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ද ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබිණි.
මෙම මැක්ස්වෙල් ද සිල්වාට ක්‍රීඩා ඇමැතිවරයාගේ මෙම නියෝගය ලැබෙන්නේ එම පසුබිම තුළය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart