
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේය.
ඔහු එහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ යුද හමුදා මේජර්වරයකු, හමුදා නිලධාරීන් හයදෙනෙකු, පොලිස් නිලධාරියකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි.
මෙම කටයුතුවලට අනුබල දුන් බවට සැක කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනකු සහ තවත් සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගත් බව ද ඔහු එහිදී අනාවරණ කළේය.
“සැප්තැම්බර් 23 වැනිදා සිට සිදු වූ අපරාධ සමාලෝචනය කරන විට, ඇතැම් හමුදා නිලධාරීන් සේවයේ සිටියදීම මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වී ඇති බව අපට නිරීක්ෂණය වුණා” අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
ඔහු පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් පැවසුවේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට ටී 56 රයිෆල් 7 ක්, පිස්තෝල 10 ක්, රිවෝල්වර 14 ක්, බෝර් 12 තුවක්කු 58 ක්, ගල්කටස් වර්ගයේ තුවක්කු 13 ක් ඇතුළු විවිධ අවි ආයුධ සොයාගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart