
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සේවකයන්ට වසරාවසාන බෝනස් ගෙවීමට අනුමැතිය ලැබී ඇත.
ඛනිජ තෙල් සංස්ථාවේ සේවයකයන්ට බෝනස් ලබාදීමට පසුගිය සතියේ අනුමැතිය ලැබී ඇති බවත්, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සේවකයන්ට බෝනස් ලබාදීමට ඊයේ අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා සඳහන් කරයි.
මෙලෙස මෙම ආයතන දෙකේ සේවකයන්ට බෝනස් ලබාදීමට, එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාදී ඇත්තේ, මෑතකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී භූමිතෙල් ඇතුළු අනෙකුත් ඉන්ධනවල මිල අඩුකිරීමට අනුමැතියක් ලබාදී නොමැති පසුබිමකය.
මෙම ආයතන දෙකේම සේවකයන් 4200ක් පමණ සේවය කරන අතර, ගණනය කිරීම්වලට අනුව පහළම ශ්‍රේණියේ සේවකයකුට රුපියල් ලක්ෂ 2ක පමණ බෝනස් මුදලක් ඒ අනුව හිමිවනු ඇත.
ඊට අමතරව ඉහළ ශ්‍රේණිවල නිලධාරීන් වෙනුවෙන් ලක්ෂ 8-9 දක්වා බෝනස් ලැබෙනු ඇතැයි වාර්තා පෙන්වාදෙයි.
මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ, එහි හිටපු සේවකයෙක් වන බැවින් මෙම බෝනස් මුදල ඔහුටද හිමිවනු ඇතැයි පැවැසේ.
එසේම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද, එම ආයතනයේ හිටපු සේවකයෙක් සිටින අතර, ඔහුටද බෝනස් හිමිවීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart