
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉතිහාසයේ විශාලතම ක්‍රිප්ටෝ මුදල් ආශ්‍රිත අපරාධයක් සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවක් වන ෂිමින් ක්වාන් හෙවත් යාඩි ෂැං නමැත්තිය ලන්ඩනයේදී වරදකාරිය ලෙස අධිකරණය තීන්දු කර තිබේ.
47 හැවිරිදි ඇය ඩොලර් බිලියන 6.7 කට වඩා වටිනා බිට්කොයින් 61,000 කට වඩා නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීම සහ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සවුත්වාර්ක් ක්‍රවුන් අධිකරණයේදී වරද පිළිගත්තාය.
අදාළ කාන්තාව 2014 සහ 2017 අතර කාලය තුළ, මහාපරිමාණ ආයෝජන වංචාවක් හරහා චීනයේ පුද්ගලයන් 128,000 කට අධික සංඛ්‍යාවකට වංචා කර ඇතැයි ද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
අනතුරුව ඇය සොරකම් කරන ලද මුදල් සහ ඒවා උපයාගත් ආකාරය සැඟවීමට බිට්කොයින් බවට මාරුකළ බව මෙට්‍රොපොලිටන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“ධනයට අධිපති දේවතාවිය” ලෙස විස්තර කරන ලද ක්වාන් නමැති මෙම කාන්තාව සම්බන්ධයෙන් ඇගේ වංචාව සඳහා හසුවූ ආයෝජකයන් දැනසිටියේ ඉතා අල්ප වශයෙන් බව පැවසේ.
ක්වාන්ගේ අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනය ආරම්භ වූයේ 2018 දී එක්සත් රාජධානියේ බලධාරීන්ට ක්‍රිප්ටෝ වත්කම් සැකසහිත ලෙස මාරුකිරීම පිළිබඳ ඔත්තුවක් ලැබීමෙන් පසුවය.
ක්වාන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් චීනයෙන් පලා ගොස් එක්සත් රාජධානියට ඇතුළු වී ඇති අතර එහිදී ඇය සුඛෝපභෝගී දේපළ මිලදී ගැනීමෙන් අරමුදල් විශුද්ධිකරණය කිරීමට උත්සාහ කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart