December 7, 2025

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු දෙකෙන් එකක් පිරවීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර ඇත.

විනිසුරු කුලතුංග 1994 දී රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර, 2012 දී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අධිකරණ සේවයට එක් විය.

ඔහු හිටපු සොලිසිටර් ජෙනරාල් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.බී. කුලතුංගගේ පුත්‍රයා වේ.