
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරිදා ඔස්කාර් උළෙලේදී ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩක සහ නළු ජෝන් සීනා වචනාර්ථයෙන් සියල්ල හෙළිකළේය.
උළෙල අතරතුර හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය පිරිනැමීමට නළුවා වේදිකාවට පැමිණියේ කිසිවක් නොඇඳ හාස්‍යජනක ලෙසය.
එහි අදහස වන්නේ ඔහු සම්පූර්ණයෙන්ම පාහේ නිරුවතින් වේදිකාවට පැමිණීමයි.
“පිරිමි ශරීරය විහිළුවක් නොවේ!” යැයි සීනා එහිදී පැවැසීය.
මෙම අවස්ථාවේ ප්‍රේක්ෂකයන් සිනා සාගරයක ගිලෙද්දී සීනා ජයග්‍රාහකයෙකුගේ ලියුම් කවරයකින් ඔහුගේ පෞද්ගලික කොටස් වසාගෙන වේදිකාවේ මැදට ගියේය.
“ඇඳුම් පැළඳුම්, ඒවා ඉතා වැදගත්. සමහර විට එතන තියෙන වැදගත්ම දේ වෙන්න පුළුවන්,” යැයි ඔහු සම්මානය ප්‍රදානය කරමින් පැවසීය.
එහිදී සීනා හොලි වැඩින්ටන් හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වූ ඔස්කාර් සම්මානලාභියා ලෙස ප්‍රකාශයට පත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart