December 9, 2025

දිත්වා සුළි කුණාටුව පිළිබඳ ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 13 වැනිදා සිට ශ්‍රී ලංකාව සමඟ තොරතුරු බෙදාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබේ.

ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 13 වැනිදා පීඩන අවපාතයක් ඇති වන බවට මුලින්ම පුරෝකථනය කර ඇති අතර නොවැම්බර් 20 වැනිදා විය හැකි චක්‍ර උත්පාදනය පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 23 වැනිදා පැය තුනකට වරක් සහ පැය හයකට වරක් යාවත්කාලීන කිරීම් ලබා දී ඇත්තේ නොවැම්බර් 26 වැනිදා පමණ පද්ධතියේ අපේක්ෂිත සංවර්ධනය පෙන්නුම් කරන බව සඳහන් කරමිනි.

සියලුම තොරතුරු සාමාන්‍ය මාර්ග හරහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ බෙදා ගන්නා ලද බව වාර්තා වේ.

මෙම පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත්, ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමේදී ගැටලුවලට මුහුණ දී ඇත.

“කෙටි දැනුම්දීමකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙනත් ස්ථානයකට ගෙන යා හැකි විස්තීර්ණ ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් රට තුළ නොමැත,” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

නැගෙනහිර වෙරළ තීරයේ භූගෝල තත්ත්වය, සුවිශේෂී ලෙස ඉහළ වර්ෂාපතනයක් සමඟ ඒකාබද්ධ වී දින තුනක් අඛණ්ඩව පැය 24ක් තුළ මිලිමීටර් 400කට වඩා ඇදහැළුණු වර්ෂාව නිසා නායයෑම්, ගංවතුර සහ වෙරළබඩ ජලයෙන් යටවී හානිවලින් වැඩි ප්‍රමාණයක් ඇති විය.

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි අසාමාන්‍ය ප්‍රදේශයකින් ආරම්භ වූ බවත්, එම ප්‍රදේශය සුළි කුණාටුවලට සාමාන්‍යයෙන් ගොදුරු නොවන බවත් වාර්තාවේ සඳහන් වේ.

ඉන්දියාව මෙන් නොව, ශ්‍රී ලංකාව එවැනි කුණාටුවලට හුරුවී නොමැති නිසා එයට මුහුණ දීමට එතරම් සූදානම් නොවීය.

සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දිගේ උතුරු දෙසට ගමන් කළ අතර එය භූමියට ඉහළින් ගමන් කළ අතර එමඟින් එහි බලපෑම දිගු වී හානිය තවත් නරක අතට හැරුණි.

“දිට්වා ‘සුළි කුණාටුවක්’ ලෙස වර්ගීකරණය කර තිබුණේ,එය සුළං වේගය මත පදනම් වූ සුළි කුණාටු කාණ්ඩ හතරෙන් දෙවැනි ගණයට අයත්.
අතීතයේ ශ්‍රී ලංකාවට බලපා ඇත්තේ ඉතා සුළු සුළි කුණාටු සංඛ්‍යාවක් වන අතර ඒවායේ සංඛ්‍යාතය අඩුයි,” ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෘත්‍යුන්ජේ මොහපත්‍රා පැවසීය.

මේ අතර, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ශ්‍රී ලංකා බලධාරීන්ට ව්‍යසනය පිළිබඳ කලින් දැනුමක් තිබූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.

සුළි කුණාටුව අතරතුර ප්‍රධාන ජලාශවල දොරටු විවෘත කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ විවේචනවලට ප්‍රතිචාර වශයෙන් ඔහු එලෙස ප්‍රකාශ කර තිබිණි.