
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පතිවරයාගේ ධූර කාලය සඳහන් කරමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ සේවා කාලය උපරිම වශයෙන් වසර තුනකට සීමා කිරීමට නියමිත බව මීට පෙර Ceylonwire.lk අනාවරණය කළේය.
ඒ අනුව දැනට පවතින විශ්‍රාම යෑමේ වයස වන අවුරුදු 60 දක්වා පොලිස්පති ධූරයේ කටයුතු කිරීමට පවතින ප්‍රතිපාදන වෙනුවට, එක් පොලිස්පතිවරයකුගේ නිල කාලය වසර 03 කට සීමා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
පවතින තත්වය හමුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පොලිස්පති ධූරය සදහා පත්වූ විට ඔහුට වසර 08කට වැඩි කාලයක් ධූරයේ කටයුතු කිරීමටත්, ඒ අනුව ඔහුගේ කණ්ඩායමේ නිලධාරීන් පිරිසකට අවස්ථා අහිමිවීමත් පදනම් කරගෙන මෙම නව ක්‍රමය හදුන්වාදීමට යන බව පැවැසේ.
මේ වන විට පොලිස්පති ධූරය සදහා යෝජනා වී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතරින් නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනායක යන අය එකම කණ්ඩායමකට අයත් වන අතර, ඔවුන් අතරින් අයකු පොලිස්පති ධූරය සදහා පත්කළහොත් විශ්‍රාම යෑමේ වයස වන අවුරුදු 60 දක්වා වසර 08 කට ආසන්න කාලයක් ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව සැලසේ.
මෙහිදී එම කණ්ඩායමේ සෙසු නිළධාරීන්ගේ මෙන්ම පහළ කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ අවස්ථා අහිමි වන අතර, පවතින තත්වය තුළ පොලිස්පති ධූරය වසර 03 කට සීමාකිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එක් නිලධාරියකු දීර්ඝ කාලයක් පොලිස්පති ධූරය දැරීම හරහා මතුවිය හැකි ගැටලු අවම කිරීම ද මෙම නව ක්‍රමය යෝජනා කිරීමට හේතුවී ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart