
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසරේ දී මෙරට HIV/AIDS රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් වාර්තා වී තිබේ.
ඒ ආශ්‍රිත දත්ත පෙන්වා දෙන්නේ එම වසරේ රෝගීන් 700කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව, 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී රෝගීන් 694ක් වාර්තා වී ඇත්තේ සියයට 13ක වැඩිවීමක් පෙන්නුම් කරමිනි.
2022 වසරේ වාර්තා වී තිබුණේ රෝගීන් 607ක් පමණි.
2023 වසරේ වාර්තා වූ රෝගීන් අතරීන් පිරිමි 91ක් සහ කාන්තාවන් 5 දෙනෙක් ඇතුළත් වන්නේ අවුරුදු 15-24 අතර වයස් කාණ්ඩයටයි.
ඉතිරි රෝගීන් අවුරුදු 25ට වැඩි පුද්ගලයන් වේ.
2023 වසරේ වාර්තා වූ HIV රෝගීන්ගේ පිරිමි සහ ගැහැණු අනුපාතය 7.5:1ක් වේ.
එම වසරේ සිව්වැනි කාර්තුව (ඔක්තෝබර්-දෙසැම්බර්) 2009 වසරේ සිට එක් කාර්තුවක වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව එනම් රෝගීන් 209ක් සනිටුහන් කළේය.
තවද, 2023 වසරේ දී HIV/AIDS සම්බන්ධ මරණ 59ක් වාර්තා වී ඇති අතර එම වසරේ දී මෙරට HIV පරීක්ෂණ 1,068,309ක් පවත්වා තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව අතර HIV ආසාදිතයින් 11ක් නිල වශයෙන් වාර්තා වී ඇත.
2009 වසරේ සිට මේ දක්වා මෙරට HIV ආසාදනය වී ඇති පිරිමි සංඛ්‍යාව 4,706ක් සහ කාන්තාවන් 1,472ක් වේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ පැවසුවේ 2023 වසරේ HIV ආසාදිතයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දැක ඇති බවයි.
වෛද්‍ය විදානපතිරණ සඳහන් කළේ පරීක්‍ෂණ ධාරිතාව පුළුල් වීම, ලිංගික අධ්‍යාපනය පිළිබඳ ජනතාව අතර පවතින දුර්වල දැනුම, අවදානම් ලිංගික හැසිරීම් සහ අදාළ පූර්වාරක්ෂාවන් නොගැනීම වැනි කරුණු රෝගීන්ගේ වැඩිවීමට හේතු විය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart