
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ අවසන් වාර විභාගයේ සිංහල සාහිත්‍ය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය කල්දමා තිබේ.
අද පැවැත්වීමට නියමිතව තිබූ එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටත පාර්ශව අතට පත්ව ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන පවසයි.
සිසුන් 22,000ක් පමණ විභාගයට පෙනීසිටීමට නියමිතව තිබූ අතර, ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීමට රුපියල් 150,000ක් පමණ රජය වැයකර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, අනුරාධපුර සහ කුරුණෑගල ප්‍රදේශවල ඇතැම් උපකාරක පන්ති ගුරුවරුන් විභාගයට පෙර විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සිසුන් සමඟ බෙදාගෙන ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව අධ්‍යාපන කලාප 08 ක කොට්ඨාශ 30 ක පාසල් 600 ක විභාග ප්‍රශ්න පත්‍රබෙදා හැරීම අද නවතාදැමිණි.
විභාගය තාවකාලිකව කල්දැමීමට කටයුතු කළ බවත් ඉදිරියේදී නව ප්‍රශ්න පත්‍රයක් සකස්කර බෙදාහැරීමට කටයුතු කරන බවත් සිරිමෙවන් ධර්මසේන පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රශ්න පත්‍රය පිටවීම පිටුපස සිටින වගකිවයුත්තන් හඳුනාගැනීම සඳහා අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart