
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන වෙත හුස්ම පරීක්ෂා කිරීමේ උපකරණ 150,000ක් බෙදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කරන්නේ මගී ප්‍රවාහන බස් රථ සහ අනෙකුත් වාහන පරීක්ෂා කිරීම සඳහා ඊයේ (23) සිට රටපුරා රථවාහන මෙහෙයුමක් ආරම්භ කළ බවයි.
පසුගිය දිනවල වැඩිවෙමින් පවතින මගී බස් රථ සහ අනෙකුත් වාහන අනතුරු අවම කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව පොලිසිය පවසයි.
මෙම පරීක්‍ෂණ කටයුතු සඳහා පැය 24 පුරා රථවාහන නිලධාරීන් රට පුරා යොදවා ඇත.
බස් රථ සහ අනෙකුත් වාහන අපරික්ෂාකාරී, නොසැළකිලිමත් හෝ නීතිය කඩ කරමින් රිය පැදවීම පිළිබඳ 119 සහ 1997 ක්ෂණික ඇමතුම් අංකවලට ඇමතීමෙන් මහජනතාවට දැනුම් දිය හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart