
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිරිසකට පහරදීමේ චෝදනා මත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් ‘සංගු’ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
සාවිත්‍ර සිල්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලානයේ පිහිටි සිය නිවස අසලදී පුද්ගලයකුට පහරදීමේ චෝදනා සම්බන්ධයෙනි.
පහර කෑමට ලක් වූ පුද්ගලයා ධනංජය ද සිල්වාගේ පියා ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතම පුද්ගලයකු බව පොලිසිය පවසයි.
පහර කෑමට ලක් වූ පුද්ගලයා අනතුරුව ඉන්දික සුරංග සොයිසා නොහොත් සුද්දා නමැති පුද්ගලයා සහ තවත් පිරිසක් සමග පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහර දී තිබේ.
එම ගැටුම අතරතුර කිසියම් අයෙකු ධනංජය ද සිල්වාගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව ද පොලිසිය පවසයි.
අනතුරුව ඔහුද නිවස තුළට දිව ගොස් තියුණු ආයුධයක් රැගෙන පැමිණ එම පිරිසට ද පහරදී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
ඒ අනුව තුවාල ලැබූ එම සැකකරුවන් සියලු දෙනාම පොලිස් භාරයේ පසුවන අතර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart