
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල ලබන මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (06) නියම කළේය.
සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කරන ලදී.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය මෙම පැමිණීල්ල යළි කැඳවන ලබන 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළ අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර අබේරත්න යුවළට නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් පවරා තිබු අපේක්ෂිත ඇප ඇයැදුම්පතද කැඳවු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම පැමිණීල්ලද ලබන 20 වැනිදා යළි කැඳවීමට නියම කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart