
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් ව්‍යාජ දුම්වැටි තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය අම්පාර බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අම්පාර බස් නැවතුම්පොළ ආශ්‍රිතව සිටින වෙළෙඳුන් සහ එහි ස්ථාපිත කඩ සාප්පු සෝදිසි කර ඇත.
එහිදී මෙරට තුළ විකිණීම සහ පරිභෝජනය තහනම් කර ඇති විදේශීය වෙළඳනාමයන් සහිත සිගරට් කාටූන් 115ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
එකක් රුපියල් 50 බැගින් වූ වටිනාකමකින් යුත් දුම්වැටි 23,000 ක් දුම්වැටි කාටූන් 115ක පැකට් 1150ක් ලෙස අසුරා තිබූ බවත්, ඒවා රුපියල් 60 ත් 80 ත් අතර මිලකට අලෙවි කරන බවත් පොලීසිය පවසයි.
නීතිවිරෝධී දුම්වැටි තොගය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පිඹුරත්තෑව සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සහ ඔවුන් සන්තකයේ තිබූ සිගරට් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අම්පාර පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart