
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිසරපට සඳහා යොදාගන්නා ‘බ්‍රා කප්’ ලංකාවේදීම නිෂ්පාදනය කරගැනීම වෙනුවෙන් තාක්ෂණය පුළුල් කිරීමට අදාළව ඉතාලියේ බෙන්ජි ඇඟලුම් සමාගම ඩොලර් මිලියන 35ක වටිනාකම සහිත නව ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ අස්සන් තබා ඇත.
ඉතාලියට අයත් බෙන්ජි සමාගම 2006දී කාන්තාවන් සඳහා තිසරපට නිපදවීම ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ සිරිඕ, ඇල්ෆා ආදී නම්වලින් එම ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යයි.
එම සමාගම ‘බ්‍රා කප්’ නිපදවීම සඳහා අවශ්‍ය අලුත්ම යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන ඒම සඳහා මෙම ආයෝජනය සිදු කර තිබේ.
මේ අනුව බෙන්ජි සමාගමේ ආයෝජන පුළුල් කිරීම මඟින් දැනට නිපදවන මිලියන 30ක ‘බ්‍රා කප්’ ප්‍රමාණය සියයට 35කින් ඉහළ යනු ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.
එමඟින් තිසරපට නිපදවීම සඳහා චීනයේ සිට ‘බ්‍රා කප්’ ආනයන කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හැකි වනු ඇති බවත් මේ සඳහා පිටරටට ඇදීයන විදෙස් විනිමය මේ ඔස්සේ නතර වන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් නව තාක්ෂණය ඉගෙනීමට දක්ෂ බැවින් ඇඟලුම් කර්මාන්තය පුළුල් කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන එන බව බෙන්ජි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලජෝර්ජියෝ මොන්ටෙසර් සඳහන් කරයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart