
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ පැතිරෙමින් පවතින බවට විදේශ ජනමාධ්‍ය ආයතන සහ ඒවා උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යය වාර්තා කර ඇති පුවත් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
පහතින් දැක්වෙන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පැහැදිලි කර ඇති එම තත්වයයි.
‘උතුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ස්වසන රෝග වල වැඩි වීමක් පෙන්නුම් කරන වාර්තා ඔබ දැනටමත් සමාජ මාධ්‍ය හරහා දැක ඇති. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus – HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයන් වේ. මෙහිදී නව හෝ අසාමාන්‍ය ව්‍යාධිජනකයන් හඳුනාගෙන නොමැති වීම වැදගත් කරුණකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි තත්වයක් අනපේක්ෂිත නොවන බවත්, අනෙකුත් රටවල නිරීක්ෂණය කරන ලද රටාවන්ට මම තත්වය සමාන බවත්ය. වත්මන් ශ්වසන රෝග රැල්ල පෙර වසරවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, රෝහල් රෝගීන් ඵලදායී ලෙස කළමනාකරණය කරන බවත් චීන බලධාරීහු සහතික කරති.
ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් පැනනැගී නොමැත. අපගේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කරමින් පසුවෙයි.
ප්‍රධාන කරුණු:
• චීනයේ ශ්වසන රෝග වැඩිවීමට හේතුව මීට පෙර හඳුනාගත් වෛරසයන්ය.
• නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැත.
• මෙම තත්වය සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන අතර, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart