
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ (28) වවුනියාවේ හෝටලයකට තීරණාත්මක පක්ෂ රැස්වීමක් සඳහා රැස්ව සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි(ITAK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සහ කමිටු සාමාජිකයෝ හෝටල් පිවිසුමේ ප්‍රදර්ශනය කර තිබූ බැනරයක් දැකීමෙන් කම්පනයට පත්වූහ.
පක්ෂ ක්‍රියාකාරීන් විසින් එලෙස සවිකර තිබූ බැනරයේ පණිවිඩයක් මුද්‍රණය කර තිබිණි.
එමගින් පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ, වහාම මහා සභාව කැඳවා ITAK සභාපතිවරයාගේ පත්වීමට අදාළව පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගනිමින් පක්ෂයට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසයි.
විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අභ්‍යන්තර පක්ෂ ගැටුම් හේතුවෙන් පසුගිය මැතිවරණවලදී පක්ෂය දැඩි පසුබෑමකට ලක්විය.
මේ වන විට පක්ෂය තුළ සාකච්ඡා කළ යුතු එක් ප්‍රධාන කරුණක් වන්නේ, පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, තමන් පක්ෂයේ නායක ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ ITAK ජ්‍යෙෂ්ඨ නායක මාවයි සේනාධිරාජාගේ ඉරණමයි.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී පක්ෂයට එරෙහිව දැඩි විවේචන එල්ල වූ බැවින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද යන්න පිළිබඳව පක්ෂය තවමත් තීරණය කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart