
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් දෙන ලෙසට දෙවැනි වතාවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශයක් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පෙරේදා (24) යොමුකර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.
වත්මන් නීතිපතිවරයාගේ සේවා කාලය අදින් (26) අවසන් වීමට නියමිතය.
නීතිපතිවරයාට සේවා දිගුවක් ඉල්ලමින් ජනාධිපතිවරයා මීට පෙර යොමුකර තිබූ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
සිය පළමු නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම නොකළ යුත්තක් බවට හේතු දක්වමින් ජනාධිපතිවරයා දීර්ඝ ලිපියක් ද දෙවැනි නිර්දේශය සමග කථානායකවරයාට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ජනමාධ්‍ය අනාවරණය කරයි.
ජනාධිපතිවරයාගේ දෙවැනි නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) සවස 4.00 ට රැස්වීමට නියමිත බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart