
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජර්මනියේ ‘අන්ත දක්ෂිණාංශික විකල්ප පක්ෂය’ හෙවත් AfD පක්ෂයේ චාන්සලර් ධුර අපේක්ෂිකාව ලෙස ඇලිස් වයිඩෙල් තෝරාගෙන තිබේ.
ඇය මෙරට කතාබහට ලක්වීමට හේතු වූයේ ඇගේ සමලිංගික සහකාරිය ශ්‍රී ලාංකික කාන්තාවක් බවට එලෝන් මස්ක් ප්‍රකාශ කිරීමත් සමගය.
ස්විට්සර්ලන්තයේ ජීවත් වන ඇය එම සහකාරිය සමගින් පුතුන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට ගෙන ඇති බව ද වාර්තා වේ.
මෙම සති අන්තයේ පැවති උද්යෝගිමත් පක්ෂ සමුළුවකදී AfD හි චාන්සලර් අපේක්ෂකයා ලෙස වයිඩෙල් නිල වශයෙන් කිරුළු පැළඳ තිබේ.
AfD පක්ෂය දිගු කලක් තිස්සේ කොන්සර්වේටිව්වරුන්ට පිටුපසින් දෙවැනි ස්ථානයේ සිටි නමුත් සෙනසුරාදා පැවති එක් සමීක්ෂණයකින් පෙන්නුම් කර ඇත්තේ එම පක්ෂය තම ඡන්ද ප්‍රතිශතය සියයට 22 දක්වා වැඩි කර ගෙන ඇති බවයි.
එය ජාතික මට්ටමින් එම පක්ෂය ලැබූ ඉහළම ප්‍රතිඵලයයි.
නාසි ඉතිහාසයට ඇති සබඳතා හේතුවෙන් අන්ත දක්ෂිණාංශිකයන් සමඟ වැඩ කිරීම ජර්මානු දේශපාලනයේ ජනප්‍රිය නොවන බැවින් AfD පක්ෂයට ජර්මනියේ ඊළඟ රජයේ කොටසක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩුය.
නමුත් දෙසැම්බර් මාසයේදී චාන්සලර් ධුරය සඳහා පක්ෂයේ තේරීම ලෙස ඇය ප්‍රථම වරට නම් කළ දා සිට මැතිවරණ ව්‍යාපාරයේ විශාල සලකුණක් තැබීමට වයිඩෙල් සමත් වී තිබේ.
AfD හි ප්‍රධාන ඡන්ද පදනම රටේ පැරණි කොමියුනිස්ට් නැගෙනහිර ප්‍රදේශයේයි.
පසුගිය සතියේ ලොව ධනවත්ම මිනිසා සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන සගයකු වන මස්ක් විසින් ඔහුගේ X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ පුළුල් ලෙස වයිඩෙල්ට සහාය දක්වා තිබිණි.
බොහෝ විට මුතු මාලයකින් සහ බටහිර ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබෙන වයිඩෙල් බටහිර ජර්මනියේ උපත ලබා අධ්‍යාපනය ලැබූ අයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart