
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් WhatsApp හරහා මුදල් වංචා කළ තරුණයකු අත්අඩංගුවට ගෙන 2025 ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුට මුල්‍ය වංචා කළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සහ රුව උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින්ට WhatsApp හරහා පණිවුඩ යවා ඔවුන් මූල්‍ය වංචා කර තිබේ.
මෙම තරුණයා නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව පවසමින් ව්‍යාපාරිකයන් අමතා ඔවුන්ට එරෙහිව අසත්‍ය පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර ඔවුන්ගෙන් මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගත් තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025 ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart