
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (09) දහවල් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීරට ලබාදුන්නේය.
ඊට පෙර ඔහු කතානායකවරයා අමතා කියාසිටියේ තමන් මන්ත්‍රීධූරයෙන් මෙන්ම දේශපාලනයෙන් ද ඉවත් වන බවයි.
එහෙත් ඔහු පසුව ප්‍රකාශ කළේ මන්ත්‍රීධූරයෙන් ඉවත්වුවද සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතුවල තවදුරටත් නිරතවී සිටින බවය.
මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුවක් ඔහු සඳහන් කරන්නේ නැත.
පසුගිය දිනෙක චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්නව සභාව තුළ විවේචනය කරමින් බැනවැදුණේය.
ඊට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේ, එය නීති විරෝධි කාරණයක් වූ බැවිනි.
පූර්ණ යෝජනාවකින් තොරව උපරිමාධිකරණ විනිසුරුවරුන්, මහලේකම් මණ්ඩලය විවේචනකය කළ නොහැකි බව පෙන්වමිනි.
වරප්‍රසාද කමිටුව මේ ගැන පරීක්ෂණයක් කළ අතර එහිදි වරදකරු වන අයකුට ආකාර තුනකට දඩුවම් දිය හැකි බවට වූ නිතිය ද අධ්‍යයනය කෙරිණි
මෙවැනි වරදකට තුන් ආකාරයකට දඩුවම් කළ හැකිය. පළමු ආකාරය චුදිත මන්ත්‍රීවරයා හෝ පුද්ගලයට වරද පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව ගැනීමය. දෙවැනි ක්‍රමය නම් පැමිණිල්ලක් ලෙස පොලිසියට යොමුකොට ඒ හරහා පරීක්ෂණයක් කර දඩුවම් ලබාදීමය. තුන්වැනි ක්‍රමය නිතිපති හරහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් යොමුකිරීමය.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට එරෙහිව පැමිණිල්ල විභාග කළ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීන්දු කළේ ඔහු සමාව ගැනීම තුළ ගැටළුව විසදා ගැනීමටය.
එහෙත් චමින්ද විජේසිරි සහකාර මහලේකම්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීම ප්‍රතික්ෂේප කළේය.
ඒ බව ඔහු මහලේකම්වරිය හමුවේ ප්‍රකාශ කර ඇත.
සමාව නොගතහොත් පාර්ලිමේන්තුවට කළ හැකි ඊළඟ පියවර වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම කාරණය යොමු කිරීමය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වුවහොත් ඔහුට මන්ත්‍රීධූරය නිතැතින් අහෝසි වන්නේය. ඔහු මේ කාරණයට පෙර ඉස්සර වූ බව පැහැදිලිය.
චමින්ද විජේසිරි ඉවත් වූ පසු පත්වන්නේ කවුදැයි සොයාබැලිය යුතුය. ඔහු ඉවත් වූ පසු එන්නේ මනාප ලැයිස්තුවේ මනාප 31307 ක් ලබා ගත් නයන වාසලතිලකය. හේ ජලනි ප්‍රේමදාසගේ මස්සිනා කෙනෙකි. වාසලතිලක විවාහ වී සිටින්නේ ජලනිගේ නැගණියක සමඟය.
ව්‍යාපාරිකයෙකු වන ඔහුට මිල මුදලින් අඩුවක් නැත. ඕස්ට්‍රේලියාවේ පවා නිවාස හිමිකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart