July 20, 2025

මහනුවර පේරාදෙණිය පාරේ රූපලාවන්‍යාගාරයක් තුළදී කාන්තාවන් 7 දෙනකු සිහිසුන්ව වැටී සිටියදී රෝහල්ගත කර තිබේ.

විදුලිය ඇනහිටීමක් හේතුවෙන්, කාර්ය මණ්ඩලය විසින් වසාදමා ඇති ස්ථානයක විදුලිජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යාමෙන් අනතුරුව මෙය සිදුව තිබේ.

විදුලිජනක යන්ත්‍රයෙන් නිකුත් වූ විෂ දුම හේතුවෙන් ඔවුන් සිහිසුන් වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ඉන් සිව්දෙනකු මහනුවර ජාතික රෝහලට සහ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

රෝගී වූ පිරිසෙන් සිව්දෙනකු රූපලාවන්‍යාගාර‍යේ සේවිකාවන් වන අතර ඉතිරි පිරිස සේවා ලබාගැනීම සඳහා එහි පැමිණි කාන්තාවන් බව පැවැසේ.