
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ එන්නත් නොලද දරුවන් 5000ක් පමණ සිටීම හේතුවෙන් සරම්ප, රුබෙල්ලා, පෝලියෝ වැනි රෝග යළි හිස එසවීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ සාර්ථක එන්නත් වැඩසටහනක් පවතින නමුත් පසුගිය වසර කිහිපය තුළ සරම්ප වැනි ඇතැම් රෝග රටේ ඇතැම් ප්‍රදේශවල යළිත් වරක් වර්ධනය වී ඇත්තේ ඇතැම් අය දරුවන්ට එන්නත් ලබා නොදීම නිසා බවයි.
කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ එන්නත් භීතිකාව සහ ආර්ථික අර්බුදය තුළ ජාතික එන්නත් වැඩසටහනේ පසුබෑම කොළඹ මහ නගර සභා බල සීමාව තුළ ළමුන් 5,000කට අධික සංඛ්‍යාවක් එන්නත් නොකිරීමට ප්‍රධාන හේතුව ලෙස සැළකිය හැකි බව වෛද්‍ය පෙරේරා පවසයි.
“එන්නත් නොලද දරුවන් නිරන්තරයෙන් බෝවන රෝග රැසකට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා,” යනුවෙන් වෛද්‍ය පෙරේරා කියා සිටියේ තම දරුවන්ට එන්නත් ලබා දෙන ලෙස මාපියන්ගෙන් ඉල්ලීමක් ද කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart