
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී විදෙස් සංචාරකයන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ. බණ්ඩාර පැවසුවේ, දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයකුගේ වැඩ තහනම් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවයි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (05) මෙම අප්‍රසන්න සිදුවීමට මුහුණ දී තිබිණි.
ඔවුන් සිය ගමන ආරම්භ කර තිබුණේ මහනුවර දුම්රිය ස්ථානයෙනි.
තුන්වැනි පන්තියේ ප්‍රවේශපත්‍ර සතු ඔවුන් පළමු පන්තියේ මැදිරියේ අසුන් ගෙන සිටි බව පවසමින් ඔවුන් දෙදෙනා දුම්රියෙන් ඉවත් කර ඇති බව විමර්ශනයේ දී වාර්තා වූ බව දුම්රිය ගමනාගමන අධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ අනාවරණය කළේය.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න තහවුරු කළේ දුම්රිය නියාමකවරයකු විසින් විදේශීය මගීන් දෙදෙනා බැස්සවීම සඳහා උපදෙස් දී ඇති බවයි.
මෙම උපදෙස් නොතකා විදේශිකයන් දෙදෙනා දුම්රිය මැදිරියෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් දුම්රියෙන් ඉවත් කර ඇති බව සුමේධ සෝමරත්න සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart